කතෝලික මඟ වෙබ් අඩවිය යනු කතෝලික ධර්මය හා ජනවන්දනා ක‍්‍රම, යාච්ඤා හා ප‍්‍රර්ථනා, සාන්තුවර නාමාවලිය මුලිකව ප‍්‍රර්ථනා 100 හා සහා සම්ප‍්‍රධායන් ගොනුකරමින් අන්තර්ජාලය ඔස්සේ කියවීමට ඇසීමට හා නැරබීමට හැකි වෙබ් අඩවියකි





Mother of God
ජේසු අම්මා



නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනී,
ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය,
ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය.
සාන්ත මරියනි, දේව මෑණියෙනි පාපිවූ අප උදෙසා දැනුත් අපේ මරණ වෙලේහිදීත් යාච්ඤා කළ මැනව.
අහෝ මාගේ ජේසුනි, අපගේ පාප වලට ක්‍ෂමාව දුන මැනව, නිරාගින්නෙන් අප ගලවා ගත මැනව.
සියලු ආත්මයන්ද, විශේෂ කොට ඔබගේ දයාව ඉතා වුවමනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව.


සැත්තැම්බර් 8, වෙනිදා මරියතුමියගේ උපන් මංගල්‍යය


ජනවාරි 1, දේවමාතවෙන්ගේ මංගල්‍යය

ජනවාරි 21, සැනසිලිදායක දේවමාතාවන්ගේ මංගල්‍යය

පෙබරවාරි 4, ලංකා අප ස්වාමිදුවගේ මංගල්‍යය

පෙබරවාරි 11, ලූර්දු දේවමා මංගල්‍යය

මාර්තු 25, දෙව්මවුන්ට මංගලම් කීමේ මංගල්‍යය

අපේ‍්‍රල් 26, යහපත් අනුශාසනාදායක මාතාවන්ගේ මංගල්‍යය

මැයි 13, ෆාතිමා දේවමාතා මංගල්‍යය

මැයි 31, සිය`ඵ දයාවේ මැදහත්කමේ දේවමාතාවන්ගේ මංගල්‍යය

මැයි 31, සකල ජාතීන්ගේ ස්වාමිදුවගේ මංගල්‍යය

ජුනි 27, සදාසරණ දේවමාතාවන්ගේ මංගල්‍යය

ජූලි 2, මඩු මාතාවන්ගේ මංගල්‍යය

ජූලි 2, එලිසබෙත් තුමිය බැහැදැකීමේ මංගල්‍යය

ජූලි 16, කාර්මෙල් මාතා දේවමාතාවන්ගේ මංගල්‍යය

අගෝස්තු 2, සිය`ඵ දේවදුතයන්ගේ ස්වාමිදුවගේ මංගල්‍යය

අගෝස්තු 15, දෙව්මව්න් ස්වර්ගාරෝපිත මංගල්‍යය

අගෝස්තු 15, මඩු දේවස්ථාන මංගල්‍යය

අපෝස්තු`ඵවරුන්ගේ රැජිනගේ මංගල්‍යය -(අහස්නැගීමේ මංගල්‍යට පසුව යෙදෙන සෙකසුරාදා

අගෝස්තු 22, දෙව්මවුන්ගේ නිර්මල හෘදයේ මංගල්‍යය

අගෝස්තු 22, දෙව්මවුන්ට ස්වර්ගයෙහි ඔවුනු පැළඳවීමේ මංගල්‍යය

ආරෝග්‍යමාතාවන්ගේ මංගල්‍යය (අගෝස්තු මස අවසන් ඉරුදිනට පෙර යෙදෙන සෙනසුරාදා*

සැප්තැම්බර් 8, දේව මාතාවන්ගේ උප්පත්ති මංගල්‍යය

සැප්තැම්බර් 8, වේලන්කන්නි දේවමාතාවන්ගේ මංගල්‍යය

සැප්තැම්බර් 8, මාතර අප ස්වාමිදුවගේ මංගල්‍යය (සැප්තැම්බර් 8ට පසුව යෙදෙන ඉරුදින*

සැප්තැම්බර් 15, වික්ෂෝප දේවමාතා මංගල්‍යය

සැප්තැම්බර් 24, දයානුකම්පාවේ දේවමාතාවන්ගේ මංගල්‍යය

ඔක්තෝම්බර් 1, දේවමාතා සංරක්ෂණයේ මංගල්‍යය

ඔක්තොම්බර් 7, ජපමාල රාජේශ්වරියගේ මංගල්‍යය

දෙසැම්බර් 8, මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය

දෙසැම්බර් 8, රෝසකුසුම් දේවමාතාවන්ගේ මංගල්‍යය

දෙසැම්බර් 18, ගර්භවාස දේවමාතාවන්ගේ මංගල්‍යය


මරියෝත්තමාවන් විසින් දේව ජනතාවට තිළින කරනලද ‘ජපමාලය’ වෙසෙසින් උච්චාරණය කරමින්, සෑම කතෝලික පවුලකටම දේවාසිරි අත්පත් කර ගැනීම සඳහා සෑම වසරකම “ඔක්තෝබර් මාසය” ශු.සභාව විසින් වෙන් කර “ජපමාල මාසය” ලෙසින් නම් කර ඇත.




දේවමාතාවහන්සේට යාච්ඤාව
ජීවිත දායක මාතාවෙනි, ආත්මය නසන්නාවූ මාගේ මාංශය ක්ලෙෂයන් සුනුවිසුනුකර දමනු මැනව. මාගේ ආත්මය මේ වාසස්ථානය හැර ස්වර්ග රාජ්‍යයට නික්ම යනවිට ආරක්ෂා කළ මැනව. චණ්ඩ මැරුතයන්හමන්නාසේ මාගේ ක්ලේශයෝ කිපි දැන් රෙෘද්‍රකම් පාන්නෝය. දියරැළි සේ අපරාධවල් නික්මී විගස මාගේ බලාපොරොත්තුව හීන්කර මා දියෙහි ඇදහෙලා ගිල්වන්ට තැත් කරති. මුහුදු තාරකාවෙනි, නැගී එන මෙවන් රඵ රළ පතර නිශ්චල කළ මැනව. ගොරවන්නාවු සිංහයා මා ගිලගන්ට සොයා ඇවිදියි. නිර්දෝෂ මාතාවෙනි, සිංහයාගේ දළ පොඩිකළ දෙව් බිළිදාණන්ව ලොවට අත්කර දුන් ඔබ සතුරාගේ රුදුරු දළයට අසු වෙන්ට නොහැර මා ආරක්ෂා කළ මැනව - ආමෙන්

අපගේ ස්වාමිදුට කොයියම් යාච්ඤාව නොහොත් ආරාධනා ඔප්පු කිරිම. (නමෝ මරිය 5ක් කියන්න)

අහෝ තේජවන්තවූ කන්‍යා මරියනි දෙවියන්ගේ සහ පව්කාරයින්ගේ මාතාවෙනි මගේ ස්වාමිවූ ජේසුස් කිස්තුස් තුමන් ඉදිරියෙහි සිටින්නාවු ඔබට යටත්භාවයෙන් මේ නමෝමරිය පහ ඔබගේ ශුද්ධවූ හෘදයේ ප‍්‍රශංසාවට ඔප්පුකර ඔබගේ පුත‍්‍රයාණන් වහන්සේ ඉදිරියේ මාගේ මධ්‍යස්ථ වන ලෙසටද ශුද්ධවු සහාව දියුණුවීමටද, ශුද්ධෝත්තම පාප්වහන්සේට ඥානවිසාරද බුද්ධි ලැබීමට ද, කතෝලික රාජධානි අතරේ සමාදානයද, සෙනෙහසද පැවැත්වීමටද, වේදභෙද නටබුන්වීමටද, කතෝලික විශ්වාසය පතළවීමටද, පව්කාරයන් ධර්මමාර්ගයට හැරීමටද, ධර්මිෂඨයන් ධර්මයෙහි වැඩිදියුණුවීමටද සහ පව්කාරවූ මාගේ පාපවලට සමාවත් නිත්‍ය ජීවනයත් ලැබෙන සැටියටද ස්වාමින්වහන්සේට යාච්ඤාවෙන ලෙස ඉල්ලා ආරාධනාකරමි - අමෙන්

ආරාධිත අප ස්වාමිදුට ආරාධනාව
පිතාවන දෙවියන්වහන්සේගේ මහිම තේජසේ අලංකාරයද, සුරලෝ රාජේන්ද්‍රයාණන්ද, දේවමනු කුමාරයාණන් ද වන අප ගැලූවුම්කාර ජේසුස් කිස්තුස්තුමන් ඔබ කරණකොටගෙන ද, ඔබගෙන් ද ලොව පහළවෙන්ටත් පෝෂ්‍යකරනු ලබන්ටත් හේතු සම්නත වන ලද්දා වු ස්වර්ග ප‍්‍රසාද සම්භාරයෙන් පරිපූර්ණවූ ශෝභන ගුණාංගයන්ගෙන් අලංකෘතවූ අති නිර්මල කන්‍යමරිය තුමියනී මංගල්‍යස්තු, ආශිර්වාදලත් ස්වාමි දුවෙනි මගේ ආත්මගැලවීමට ඕනෑකරන කොයියම් දෙයත් ඔබතුමන්ගේ ප්‍රෙමවන්ත ශී‍්‍ර කුමාරයාණන්ගෙන් මට ලබාදුන මැනව, අහෝ දෙවියන්ගේ පිරිසිදු මාතා වෙනි මාගේ අති ස්ථීරකමටත් දුර්වලකමටත් ආධාරව මෙදින මට යෙදෙන විපත්තිවලින්ද, දුර්පරීක්ෂාවලින්ද, අන්තරායවලින්ද මා නිදහස් කළ මැනව. විශේෂකොට මාගේ මරණ වේලේහිදී මට පැමිණෙන උපාද්‍රා සහිත භයානක සටනේ දී ඔබගේ යාච්ඤා පිහිටෙන් මා සුරක්ෂිතව සිටින සැටියට මා සමීපයේ වැඩමවා සිටින්ට කරුණාකළ මැනව - ආමෙන්





ලූර්දු දේවස්ථානය


ලූර්දු දේවස්ථානයේ විශේෂත්වය වනුයේ 1858 පෙබරවාරි 11 වන දින දේව මෑණියන් සා.බර්නදෙත් තුමියට දර්ශනය වීමය. එලෙසම එතැන් පටන් 17 වරක් නොකඩවාම දේව මෑණියන් දර්ශනය විය.දේව මෑණියන් "ජම්ම දෝශයෙන් නිර්දෝශීව පිළිසිදුනාවූ රාජේශ්වරිය" ලෙස මුලු ලොවට ප්‍රකාශ කරන ලද්දේද ලූර්දු නුවරදී ය. දහස් ගණන් බැතිමතුන් සුවය ලබන්නේ ද ලූර්දු නුවර ඇති ප්‍රාතිහාරාත්මක බලය ලොවටම විදහා පාමිනි.

ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණු මරියෝත්තමාව . ලොවෙහි අසිරිමත් සිද්ධින් රාශියක් සිදු කරමින්, දර්ශනය වෙමින්, ජනතාව පශ්චාත්තාපයට කැඳ වූ උත්තමාවිය එතුමියයි. ප්‍රංශයේ ලූර්දු නුවර එතුමිය දර්ශනය වූ ස්ථානයේ වසර සිය ගණනකට පෙරාතුව මතු වූ “ආශිර්වාදලත් ජල උල්පත’ අදත් නොසිඳී පවතිමින් ලොව දසතින් පැමිණෙන ජනතාවට සුවය, සහනය, සතුට දෙන අයුරු විස්මපත් විය යුතු වෙයි.

ලූර්දුවේ දී දේවමාතාවන් දර්ශනය කළ බර්නදෙත් තුමිය ද අද සාන්තුවරියකි. එතුමියගේ නොදිරූ සිරුරද අදත් ජීවමාන ස්වරූපයෙන් ප්‍රංශයේ කන්‍යාරාමයක තැන්පත් කර ඇත.


“පුදුම පදක්කම” දේව මාතාවන් කැතරින් ලබුරේ නමැති පැවිදි සොහොයුරිය ට ප්‍රකාශ කළ පදක්කම අද ලොව පුරා “දේවාසිරි” බහුලව වස්වන්නක් බවට පත්ව ඇත. එම සොහොයුරිය අද ශුද්ධවන්තියක් ලෙසින් ලොව පුරා කතෝලිකයන් අතර ගෞරවාදරයට පාත්‍රව සිටී. එතුමියගේ නොදිරූ දේහය “ප්‍රංශයේ, රූ ද බක්” නම් ස්ථානයේ දෙව්මැදුරේ අදත් දැකගන්නට ඇත. දේව මාතාවන් සජීවීව තුන් වරක් දර්ශනය කිරීමේ වරම ලැබූ ශු.කැතරින් ලබුරේ සොහොයුරිය ද දේව ජනතාවට, දේව මාතාවන් මගින් ආසිරි ලබා දෙන සාන්තුවරියකි.




“දේව මාතාවන්” ශුද්ධ වූ දේශයේ එතුමිය ජීවත් වූ පරිසරයේ ස්වභාවය දැක බලා ගැනීමට අපට අදත් පිළිවන. ජේසු සමිඳාණන් පා පහස ලද ශුද්ධ වූ දේශය “වරප්‍රසාදයේ දේශය” ක් ලෙසින් සුප්‍රකට ය. ජේසුස් වහන්සේ සංචාරය කළ ප්‍රදේශ සියැසින් දැක බලා ගැනීමේ වරම අපට උරුම කර දී ඇත. ජොර්දාන් නදිය, කල්වාරිය, කානාන් නුවර විවාහ මංගල්‍යය, අපෝස්තුළුවරුන් ජේසුස් වහන්සේ සමඟ ගමන් කළ ස්ථාන බොහොමයක් අද දේවස්ථාන ආකාරයෙන් සංරක්ෂණය කර ඇත. බෙත්ලෙහෙම ද අද දේවස්ථානය ජේසු උපත සිදුවූ ස්ථානය වන්දනාමාන කිරීමට සැඳැහැ පිරිස් ඇදී එන්නේ වැල නොකැඩීය.

දේව අණට අවනත වීම, බැහැපත්කම, ඉවසීම, අනුන්ගේ දුකේ දී සංවේදී වීම, දරා ගැනීමේ ශක්තිය මරියෝත්තමාවගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි අති උත්කෘෂ්ට දෙයින් සමහරකි.



ශුද්ධවූ ජපමාලය

ජපමාලය විශ්වාසවන්තව යදින අය, අනෙක් වරප‍්‍රසාදයන්ට හේතුවන්ත වන්නාහ.

ජපමාලය නිති පතා යදින්නන්ට, මම විශේෂ රැකවරණය හා වරප‍්‍රසාද පොරොන්දු වෙමි.

සාතන්ට විරුද්ධව කෙරෙන සටනේ දී, ජපමාලය කිතුනු ආයුධයක් වන්නේය.

එමගින් ගුණධර්ම හා යහපත් ක‍්‍රියා වඩන්නේය. දෙවිඳුන්ගේ අසීමිත කරුණාවට පංගුකරුවන් වන්නාහ.ලෞකිකත්වය මනුෂ්‍ය හදවත් වලින් දුරුකර, සදා දේව ජීවිතයට ඇළුම් කරවන්නෝය.

ජපමාලයට විශ්වාසවන්ත වීමට ඇළුම් වන්නා විනාශයට පත් නොවන්නේය.

ජපමාලයට විශ්වාසවන්ත වන්නා, හදිසි මරණයකට පත් වූවත්, විනාශ මුඛයට පත් නොවී, සදාකාල ගැළවීම ලබා ගන්නේය.

ජපමාලයේ භක්තිය ඇතිව ජීවත් වන්නාට, සිය මරණයට පෙර දේව ප‍්‍රසාද නිධාන ලැබ ගන්නට අවස්ථාව ලැබෙන්නේය.

ජපමාලයට විශ්වාසීව දිවි ගෙවන්නා ජීවිතයේදීත් මරණයේදීත් වරප‍්‍රසාද පිරි, ජීවනාලෝකය ලැබ මරණයෙන් පසු සුරදූතයන් සමග ස්වර්ගික දිවියට පංගුකාර කරන්නෙමි.

ජපමාලයට විශ්වාසවන්ත වන අය, ශුද්ධිකාග්නි ස්ථානයෙන් මම මුදවා ගන්නෙමි.

විශ්වාසය ජපමාලය යදින්නා, ස්වර්ගයේ උසස් තැනකට හිමිකම් ලබන්නෙක් වේ.

ජපමාලය අයැද මගෙන් යමක් ඉල්ලන්නා, ඒ සැමදේ ලබා ගන්නේය.

ජපමාලය ව්‍යාප්ත කරන්නා මගෙන් ඉල්ලන සැමදේ ලබා ගන්නේය.

ජීවිතයේදීත් මරණ මොහොතේදීත් සගපුර සකල සුරදූතයන්ගේ රැකවරණය, ඔවුන්ට ලබා දෙන ලෙස මා දිව්‍ය පුත‍්‍රයාණන්ගෙන් වරය ලබා ඇත.

ජපමාලය යදින අය මාගේ දරුවෝය. මා පුත් ජේසු තුමාගේ සහෝදර සහෝදරියෝ ය

ජපමාල භක්තිය, ස්වර්ග රාජ්‍යයට හිමිකරුවෙකු වීමේ මඟකි.





Basilica of Sant'Apollinare Nuovo, Ravenna, ca. AD 560 Photo by https://en.wikipedia.org



මඩු දේවස්ථානය




මඩු මංගල්‍යය

ක්‍රි.ව. 1868 දී රාජගුරුධුරයට පත්වූ අති උතුම් ක්‍රිස්ටෝෆර් බොන්ජින් හිමිපාණන් විසින් ක්‍රි.ව. 1870 දී මේ සිද්ධස්ථානයේ පවතින ජුලි 02 දින මහා මංගල්‍යය ස්ථාපිත කළ අතර එදා සිට අද දක්වා වසරක් වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත දේවජනතාවක් මහවන ගෙවමින් මව් සෙනෙහස පතා එති.

නමසිය හැත්තෑවේ දශකයට පෙර මඩු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම මහ පිරිස් ඇදෙන්නට වුණේ ආගමික භේද පංති භේද කිසිත් නොසලකමිනි. එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී පවතියි. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමිනි. ඈත අතීතයේ දී පයින්, ගොන් කරත්තයෙන් ආ ගමනට පසුව දුම්රියේ, බස්රියේ පිහිට පතන්නට සිදුවූයේ ගමනාගමනයේ දියුණුවත් සමඟය.

දුම්රියෙන් මඩු වන්දනාවට එන බැතිමතුන් එන්නේ තලෙයිමන්නාරම දුම්රියේය. එකළ කොළඹ කොටුවෙන් රාත්‍රි 8 ට පිටත්වන තලෙයිමන්නාරම් දුම්රිය මඩු වන්දනාකරුවන් ගෙන් පිරී පවතින්නේ අගෝස්තු මාසයේදී ය. බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මාතර ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව අනුරාධපුරයේදී තලෙයිමන්නාරම් දුම්රියට ගොඩවී මැදවච්චියෙන් හැරී මන්නාරම් දුම්රිය මාර්ගයේ ගොස් මඩු දුම්රිය පලෙන් බැස එතැන් සිට ලංගම බස්රියවලින් මඩු දේවස්ථානයට යති.

මඩු වන්දනාව

මඩු වන්දනාව ඇරබීමට පෙර ජනතාව ඉටුකරන්නාවූ සිරිත් විරිත් බොහෝමයක් වේ. ඒ අතුරින් පළමු වැන්න ලෙස තම තමන්ගේ දේවස්ථානය වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා , අසල්වැසියන් සියලු දෙනා සම`ග සුහද ශීලි ව හා මිත්‍රශිලිව අමනාපකම් මග හැර දමා හොදහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට සරිලන ලෙස පේවෙති. මෙහිදී වැඩිහිටියන් තම දුවාදරුවන්ට ආසිරි පතා ලබා දෙන උපදෙස් අතර —කටවරද්ද ˜ නොගන්නා ලෙසද ඔවුනට උපදෙස් දෙයි. මඩු වන්දනා යෙදෙන සියල්ලන්ගේ ප්‍රබල යැදුම ආයුධය ජපමාලය යැයි පැවසුවහොත් එය නිවැරදිය. පැරැන්නෝ මේ වන්දනාගමන පුරාවටම ජපමාලයෙන් සන්නාද්ධ වුවෝය. පුරාණ ගිවිසුම තුල දේවජනතාව දේවාදරයේ පහස ලබන්නට ජෙරුසලම වෙත වන්දනාවේ පැමිණි විලසින් මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට තුළින් දෙවි`දාණන්ගේ සංරක්ෂණය සොයමින්ද ලබමින්ද මේ වන්දනාව සමන්විත වුණි. මෙහිදී එදා ඉශ්‍රායෙල් ජනතාව ජෙරුසලම් දේවමාලිගය වෙත පැමිණිම තුළින් වන්දනා ගමනේ පුර්ණත්වය ප්‍රකාශවූ පරිද්දෙන් මඩු වන්දනා ගමන තුල වන්දනාකරුවන්ට වන්දනාගමනේ පුර්ණත්වය විදහාපෑවේ, සිද්ධස්ථානය තුළ ස්ථාපිත මඩු හි අප ස්වාමීදුගේ අසිරිමත් පිළිරුව හමුවේ මවක් ඉදිරියේ දරුවන් හැගුමින් පිරි යැදුමන් පුදකිරීම තුළිනි. ඕතුමිය පාමුල යදින යැදුමන් සැබවින් ම ජනදිවිය හා හදවතට සංවේදී අත්දැකීමක් වේ. වන්දනාවේ යෙදෙන සියල්ලන් ගත කරන සරල, සුගම දිවිය හා සුන්දරත්වය වචනයෙන් විස්තර කල නොහැක. මේ වන්දනා ගමන දේවජනතාවට විපුල ඵල ලබාදෙන ධර්මවිවේක සමයකි. තද, රෞද්‍ර, ගලක් වැනි සිත් පවා , ඉටිමෙන් දිය කරලමින් සමගි සන්ධානයේ සක්‍රමේන්තුව තුල යලිත් සමිඳුන් හා එක්කරලන්නට මේ වන්දනා ස්ථානය ප්‍රධාන තැනක් ගනී. මෙහිදී මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට හා මධ්‍යස්තිය ඉතා ප්‍රබල ලෙස වන්දනාකරුවෝ අත්දකින්නාහ. යාච්ඤා කිරීමට ඔබින මනරම් පරිසරයක් හා වටාපිටයක් තුල වෙනදාට වඩා දිව්‍ය පුජා යාගයට ද ජපමාල ධ්‍යානය ද භක්ති අභ්‍යාස වලට ද ප්‍රමුඛස්ථානයක් ලබාදෙන තෝතැන්නකි. මේ වන්දනා ගමන තුල මරියෝත්තමාවන් , ජපමාල රාෙජ්ශ්වරිය , රුදුරු වන්නියේ මාතාවන් හා රැජිනියද ලෙස විරුදාවලියෙන් ගෞරවාදරයට ලක්වන්නාහ. ලක්දිව සතර විද ප්‍රදේශයන්ගෙන් ඒකරාශි වන දේවජනතාව මෙහි ගත කරන්නාවූ දින කීපය පුරාවට හෝ බි`දවැටි ඇති මානව සබදතා මෙන්ම අධ්‍යාත්මික සබදතාද යළිදු තහවුරු කරගනිමින් දෙවිදුන් ද තම සහෝදරයන් හා සමග නැවත වරක් මිත්‍රශීලීවන්නට උත්සුක වන්නාහ.විශේෂයෙන් සමගිසන්ධානයේ සක්‍රමේන්තුව තුල ගල් මෙන් ඇති හිත් පවා ඉටිමෙන් දියකර ලන්නට මේ වන්දනා සමය වන්නේ මහගු රුකුලකි. මෙහිදී විශේෂයෙන් —පව්කාරයන්ගේ සරණය˜ හා — ක්‍රිස්තියානින්ගේ පිහිට˜වන මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට හා මධ්‍යස්ථිය කුමන වදනකින් කෙසේ හෝ විස්තර කල හැකිද? දුකින් පේළි පීඩිතව, නානා විධ පැතුම් හා බලාපොරොත්තු ඕතොමන් ඉදිරියේ තබන්නාවූ තම ආදර දරු කැලගේ අයදුම් හමුවේ , දෙව්පියානන් ඉදිරියේ තබන්නාවූ ස්වර්ගිය මාතාවන් ලෙස මරියෝත්තමවෝ ඒ සැම යැදුමක්, පැතුමක් ම වෙනුවෙන් අප වෙනුවෙන් දෙවි`දාණන් ඉදිරියේ යදින්නාහ.

මඩු වන්දනාව හුදු විනෝද ගමනක් නොවේ, එය අප ජිවිතේ වන්දනාගමනක් මෙන් ම ධර්මවිවේක සමයකි.ඒ නිසා මෙය වරප්‍රසාදයේ සදා වර්ෂාවක් ලෙස සැලකුවහොත් එය නිවැරදිය. මේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනෙක් අලුම්කරන්නේ නිවෙස්වලට වඩා කුඩාරමක් ඉදිකිරීමටය. එම කුඩාරම් ඉදිකිරිම තුළ පුරාණ ගිවිසුමේ දේවජනතාවට වූ දේවාදරයේ සැලකු මෙන්ම නික්මයාමේ සිද්ධියද ජුදා මංගල්‍යයන් අතර පවතින කුඩාරම් මංගල්‍යයේ ශේෂයන් නිහඩව එමගින් කියාපායි. වසරකට නිල වශයෙන් මංගල්‍යයන් 12ක් පමණ පැවැත්වෙන මේ සිද්ධස්ථානයේ ප්‍රධාන මංගල්‍යය පැවැත්වෙන්නේ අගෝස්තු 15 වනදාට යෙදෙන මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිත හෙවත් අහස් නැ`ගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි. වන්දනාස්ථානයේ ගතකරන්නාවූ දිනයන් සෙසු දිනයන්ට වඩා වන්දනාකරුවන්ට ඉතා සුවිශේෂී වන්නේය. අලුයම 5.30 වෙද්දී නාද වන්නාවූ සීනු නාදයත් සමග ම කදවුරේ සතර දිශාවට විහිදී යන ශබ්ද විකාශන යන්ත්‍ර තුළින් උදැසන යැදුම් ප්‍රචාරනය වන අතර සිය දහස් වන්දනාකරුවන් යුහුව නිදි පැදුරේම යාච්ඤාවන්ට සහභාගී වන අතර උදැසන 6.00 සිටම විවිධ භාෂාවන්ගෙන් දිව්‍ය පුජා යාගයන් සිදුකෙරෙන අතර දේවස්ථානයේ මෙන් ම මණ්ඩපයේද , දිව්‍ය සත්ප්‍රසාද දේවස්ථානයේද අවස්ථා කීපයකදීම අතුරු සිදුරු නැතුව දේවජනතාවෝ දිව්‍ය යාගයන් ට සහභාගීවන අතර විටින් විට ශු.පැය, ජපමාලය, පාදනමස්කාරය, ප්‍රාර්ථනාව..........ආදී භක්ති අභ්‍යසාද පැවැත්වේ. මඩු සිද්ධස්ථානයේ පැවැත්වෙන භක්ති අභ්‍යාස අතර පස්වරු 6.30 පැවැත්වෙන්නාවූ ජපමාල ධ්‍යානය ඉතා විශේෂිත වේ. තේජෝසම්පන්න මණ්ඩපය හමුවේ සිංහල බසින් හා දමිළ බසින් ගායනා වෙන ජපමාල ධ්‍යානය තුල සැදැහැවතුන් මොහොතකට හෝ සුරලොව විසිමකට මග පාදන්නේය. දසදහස් දේවජනතාවගේ තොල`ගින් — සාන්ත මරියනි ˜ කොටස උච්චාරණය කිරීම තුල ස්ත්‍රීන් අතුරින් අශිරිවාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ කුසයේ දරුඵලයද ආශීර්වාද ලද්දේය........˜ යන්නෙන් ,එදා ශුද්ධාත්ම වරමින් එලිසඛෙත්තුමී මරියෝත්තමාවන්ට ප්‍රකාශ කල දේව අනාවරණය සිහිපත් වන්නේය. එලෙසම මේ වන්දනා ස්ථානය පුරාවට ම ඉපැරණි දේවවන්දනා ගීතිකාවක් වන —ආවේ මරිස්ටෙල්ලා ˜ ගියද නින්නාද වන්නේය. මඩු සිද්ධස්ථානයේ පැවැත්වෙන මංගල්‍යයන් කතෝලික ධර්මානුගත චාරිත්‍රයන්ගේ පිරිපුන් වුවකි.උදැසන 6.30 ට ආරම්භ වන තුති ගී දිව්‍ය යාගය බොහෝ විට රාජගුරුප්‍රසාදිතුමකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර දිව්‍ය යාගයෙන් පසුව ඓතිහාසික මඩුහි අප ස්වාමිදුගේ ප්‍රතිමාව රැගත් පෙරහැර විදි සංචාරය කෙරේ.එය වරක් දුටුවොත් එය ගලේ කෙටු අකුරක් මෙන් සදාතන වේ. අන්තිමට පැමිණෙන්නේ දුක් මුසු වෙන් වීමයි. වන්දනාකරුවෝ අසිරිමත් ප්‍රතිමාව ඉදිරියේ දන නමා තමන් සතු සියල්ල ඕතුමිය වෙත පවරා දී වන්නි වනයේ ඕතුමන් තනිකර දමා යන්නට සුදානම්ව කදුළු වගුරුවමින් , තමන් වද තමන් සතු සියල්ලද ඕතුමන් වෙත පවරා දෙති.

කිතුනු දිවිය වනාහි වන්දනා ගමනකි.ස්වර්ගීය ජෙරුසලම කරා ඇදී යන්නාවූ වන්දනා නඩයකි,සංඝයකි,සභාවකි. මෙම වන්දනා ගමනේ පුර්ණත්වය වන්නේ වතට වත දී ෙජ්සු සමිදාණන්ගේ සිරි වත මඩල දැකීමේ භාග්‍යයයි.සෑම කිතුනුවෙකු ම මෙලොව දිවිගෙවන්නේද , දිවිය ගෙවිය යුත්තේද, එකී යථාර්ථය පසක් කරගනිමින්ය. ලාංකේය කිතුනු ජනතාවගේ ප්‍රධානතම හා ජනප්‍රියතම වන්දනා ස්ථානය වන්නේ මඩු සිද්ධස්ථානයයි. මහා රූස්ස වනයෙන් වට වූ ඒ සුන්දර වන පියස, ඒ මැද පිහිටි දැවැන්ත පෞරාණික තේජස්සම්පන්න දෙව්විමන, ඒ තුලින් නිරන්තරයෙන් විවිධ භාෂාවන්ගෙන් රැව් පිළි රැව් දෙන යැදුම් යාතිකාද පූජාසනයට ඉහළින් විරාජමානව තබා ඇති අසිරිමත් මරුද මඩු ජපමාල දේවමාතා ප්‍රතිමාව .... මරුද මඩු වන්දනාව කියූ සැනින් සෑම මතකයට නිරතුරුවම නැගේ. වර්ෂයක් වර්ෂයක් පාසා ලක්දිව සතර කොනින් මෙම වන්දනා ස්ථානයට ගලා එන්නාවූ අපමණ ජනකායක් තුළින් ප්‍රකාශ වන්නේ මවක් හමුවට දරුවන් පැමිණෙන්නාසේ මරිය මාතාවන්ගේ සළුසෙවනට දේව ආදරයේ පහස විදින්නට දුක් කරදර දොම්නස් දිවෙන දිවිමගේ නවාතැන්පොලක් ලෙසය.ශතවර්ෂ ගණනාවක් පුරා ලාංකේය කිතුණු ජීවිතය තුල මඩු වන්දනා ගමන දම්වැලක පුරුක් මෙන්ද , ලෝහයක් කාන්දමක් කරා ඇදී එන්නා සේ ද ගසට පොත්නක් මෙන් බැදී පවතින්නේය.

මඩු වන්දනාව ඇරබීමට පෙර ජනතාව ඉටුකරන්නාවූ සිරිත් විරිත් බොහෝමයක් වේ. ඒ අතුරින් පළමු වැන්න ලෙස තම තමන්ගේ දේවස්ථානය වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා , අසල්වැසියන් සියලු දෙනා සමග සුහද ශීලි ව හා මිත්‍රශිලිව අමනාපකම් මග හැර දමා හොදහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට සරිලන ලෙස පේවෙති. මෙහිදී වැඩිහිටියන් තම දුවාදරුවන්ට ආසිරි පතා ලබා දෙන උපදෙස් අතර කටවරද්ද නොගන්නා ලෙසද ඔවුනට උපදෙස් දෙයි.

මඩු වන්දනා යෙදෙන සියල්ලන්ගේ ප්‍රබල යැදුම ආයුධය ජපමාලය යැයි පැවසුවහොත් එය නිවැරදිය. පැරැන්නෝ මේ වන්දනාගමන පුරාවටම ජපමාලයෙන් සන්නාද්ධ වුවෝය. පුරාණ ගිවිසුම තුල දේවජනතාව දේවාදරයේ පහස ලබන්නට ජෙරුසලම වෙත වන්දනාවේ පැමිණි විලසින් මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට තුළින් දෙවිදාණන්ගේ සංරක්ෂණය සොයමින්ද ලබමින්ද මේ වන්දනාව සමන්විත වුණි. මෙහිදී එදා ඉශ්‍රායෙල් ජනතාව ජෙරුසලම් දේවමාලිගය වෙත පැමිණිම තුළින් වන්දනා ගමනේ පුර්ණත්වය ප්‍රකාශවූ පරිද්දෙන් මඩු වන්දනා ගමන තුල වන්දනාකරුවන්ට වන්දනාගමනේ පුර්ණත්වය විදහාපෑවේ, සිද්ධස්ථානය තුළ ස්ථාපිත මඩු හි අප ස්වාමීදුගේ අසිරිමත් පිළිරුව හමුවේ මවක් ඉදිරියේ දරුවන් හැගුමින් පිරි යැදුමන් පුදකිරීම තුළිනි.



මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානය


මාතර වෙරළ උද්‍යානය ඉදිරිපසින් පිහිටි ශාන්ත මේරි දේවස්ථානයේ කිතුණුවන් “මාතර මෑණියන්” ලෙස හඳුන්වන ප්‍රතිමාව තැන්පත් කර තිබෙනවා. වසර 500 කටත් වඩා ඉතිහාසයක්‌ තිබෙන බව කියන මෙම ප්‍රතිමාවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලාබාල අවධියේදී මරියතුමිය විසින් වඩාගෙන සිටින ආකාරය පිළිබිඹු කෙරෙනවා. මෙම ප්‍රතිමාව ආශ්චර්යවත් එකක්‌ ලෙසයි කිතුනු බැතිමතුන් සලකෙන්නේ. ඒ කිහිප විටක්‌ම මුහුදු බත් වෙලා නැවත නැවත හමුවෙලා තියෙන නිසයි.

1912 නොවැම්බර් 12 මේම ප්‍රතිමාව වත්මන් දේවස්‌ථානයේ තැන්පත්කර ඇත. 2004 දෙසැම්බර් සුනාමියට මේ දේවස්‌ථානයත් හසුවෙලා නැවතත් ප්‍රතිමාව මුහුදට ගසාගෙන ගියත් දින තුනකින් පුද්ගලයකුට හමුවීම තවත් පුදුමයක්. සෑම වර්ෂයකම සැප්. 8 දා මෙහි වාර්ෂික මංගල්‍යය පවත්වනවා.

දකුණුපුර ජනතාවගේ මෙන්ම බොහොමයක් ජනතාවගේ ඉමහත් ගෞරව ආදරයට පාත්‍ර වුණ මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයයි




ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව




ලංකාවේ අප ස්වාමිදු, තේවත්ත බැසිලිකා දේවස්ථානය කතෝලික බැතිමතුන්ගේ ආදර ගෞරවයට පත් පූජනීය ස්ථානයකි.

“යුද රකුසාගෙන් අපරට බේරා දෙනු මැන දෙවි මවුනි.“ ඔබට තුති පිණිස දෙවිමැඳුරක් තනන්නට පොරොන්දු වෙමි... එවකට කොළඹ අගරදගුරුව සිටි අති උතුම් ජෝන් මේරි මැසොන් අගරදගුරු හිමිපාණන් දේව මෑණියන් ඉදිරියේ බැගෑපත් වෙමින් 1942 පෙබරවාරි 02 වැනිදා දෙව් මවුන්ට බාර වූයේ අප රට යුද රකුසාගෙන් බේරා දෙන ලෙසට ය. උන්වහන්සේ ඒ බව තේවත්තේ ජනතාවට ප්‍රකාශයට පත් කර නමෝ මරියනි සහ ජපමාලය උච්චාරණය කරමින් මේ ප්‍රාතිහාර්යය ඉටු කර දෙන ලෙස මරිමවුන් යදින මෙන් සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියහ.

1945 අගෝස්තු 06 වැනිදා යුද්ධය නිමා වූයේ ය. යුද්ධය නිමාවත් සමඟ මවුබිම රැක දුන් දෙවුමවුන්ට වූ ඒ බාරය ඔප්පු කිරීමට මැසෝන් රදගුරුතුමා ලහි ලහියේ සූදානම් වූයේ සිරිලක මරි මවුන්ට කැප කරමින් ලංකා ස්වාමිදුව නමින් බැසිලිකාවක් ඉදිකිරීමට ය‍.

අද ශ්‍රී ලාංකික කිතුනුවන්ගේ පමණක් නොව ලොවපුරා සැදැහැවතුන්ගේ භක්ත්‍යාදරයට ගෞරවයට පත් වී ඇති රාගම තේවත්තේ ජාතික බැසිලිකාව ඉදිකිරීමේ නිමිත්තයි ඒ.

බැසිලිකාව ඉදිකරන්නට රෝමයේ සසුනිසුරාණගේන් අවසරය ලබාගත යුතු හෙයින් ජෝන් මේරි මසෝන් රදගුරු තුමා නිර්මල මරියෝත්තමාවන්ට සිරි ලක කැප කර ලංකාවේ අප ස්වාමිදුව ලෙස ප්‍රකාශයට‍ පත් කිරීමට අවසර දෙන ලෙස 1946 ඔක්තෝබර් මස 12 වැනිදා 12 වැනි පියුස් සනිසුරාණන්ගේ අවසරය පැතී ය. 1947 පෙබරවාරි 15 වැනිදා මරියෝත්තමාවන් ලංකාවේ අප ස්වාමි දුව ලෙස ප්‍රකාශයට පත් කිරීමට වතිකානයෙන් අවසර ලැබිණි.

රදගුරුතුමා සියලු වැඩ කටයුතු ඇරඹීමට සූදානම් ව‍ූ නමුත් 1947 ජූලි මස 29 වැනිදා උන්වහන්සේ හදිසියේ ම ස්වර්ගස්ථ වූයෙන් එතැන් පටන් මෙම කාර්ය භාර වූයේ එතුමාගේ අනුප්‍රාප්තිකයාණන් වන යුව අගරදගුරු අති උතුම් තෝමස් කුරේ හිමිපාණන්ට ය.

පැරැණි ලුර්දු ගුහාව සහ පල්ලියේ පිහිටා තිබුණේ කුඩා බිම් කැබැල්ලක ය. ඊට යාබදව තිබුණේ තේ වතු යායක්ව තිබුණු වත්තයි. මෙම භූමි භාගය එවකට තේ වතු යායක්ව තිබුණු නමුදු තේ වගාවට යෝග්‍ය දේශගුණික සාධක නොතිබුණ බැවින් තේ වගාව පාළුවට ගියේ ය. තේවත්ත ලෙස නම් ලැබුණේ ද එහෙයිනි. බැසිලිකාව ඉදිකිරීමට යෝග්‍ය ස්ථානය ලෙස තෝමස් කාදිනල් උතුමාණන්ගේ අවධානය යොමු වී තිබුණේ මේ භූමි භාගයට ය.

බැසිලිකාව ඉදිකිරීමට සුදුසුම ස්ථානය ලෙස තෝරා ගනු ලැබුවේ පැරණි දෙව්මැඳුර ඉදිරියේ පිහිටි විශාල කඳු බිමයි. මෙය රූස්ස ගස් වලින් සැදුම් ලත් රක්ෂිතයක් බඳු වූ අතිශයෙන් සුන්දර සිත්ගන්නා සුලු රමණීය කඳු ගැටයකි.

වැඩකටයුතු ඇරඹීමට ප්‍රථම බාර ව‍ූ ප්‍රතිමාව රැගෙන දිවයින පුරා සංචාරය කිරීම ඇරඹිණි. ඉන් අනතුරුව 1950 ජූලි 15 වැනිදා අති උතුම් තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් අතින් ප්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේ සංචාරය කරන ලද දේව මෑණියන්ගේ ප්‍රතිමාව අබියසදී ය. මුල් ගල තැබුවේ 1951 පෙබරවාරි 04 වැනිදා ය. (රාගම බැසිලිකාවේ අප ස්වාමිදුවගේ මංගල්‍යය පවත්වන දිනය) එවකට තේවත්තේ සිද්ධස්ථානයේ පාලක පියතුමන් වූයේ මාර්තුරේ පියතුමා බැසිලිකා දේවස්ථානය ඉදිකිරීමේ කටයුත්තට නොමසුරුව දායකත්වය ද ලබාදුණි. බැසිලිකාව යන්නෙහි අරුත ග්‍රීක් භාෂාවෙන් රජගෙදර යන්නයි. දෙව් මැඳුරක් බැසිලිකාවක් බවට පත් කිරීමට නම් ඓතිහාසික වටිනාකම, ගොඩනැඟිල්ලේ ගාම්භීරත්වය, කලා හා ගෘහ නිර්මාණ වැදගත්කම සහ වන්දනා ස්ථානයක් ලෙස විශේෂත්වය යනාදී කරුණු පදනම් විය යුතු ය. ලොව පුරා බැසිලිකා දෙව්මැඳුරු 1580 ක් ඇත. අප දිවයිනේ ද ඉන් එකක් තිබීම ජාතියක් වශයෙන් අපට ද ගෞරවයකි.

බැසිලිකාවේ භූමි ප්‍රමාණය වර්ග අඩි 29,696 කි. එහි දිග අඩි 310 කි. ඇතුළත පළල අඩි 58 කි. උස අඩි 125 කි. දෙපැත්තේ දිග අඩි 149 කි‍. බැසිලිකාව මුදුනේ අඩි 24 ක සුදු යකඩින් සෑදූ ‍කුරුසියකි. සීණු කුලුන තුළින් ඇති පියගැටපෙළින් බැසිලිකාව වටා ඇති සඳළුතලයට යා හැක. ප්‍රධාන අල්තාරයට ඉහළින් ගෝලාකාර ශිඛකරයකි. දිව්‍ය ප‍ූජාව පවත්වන ප්‍රධාන අල්තාරය අඩි 12 ක් දිග අඩි 4 ක් පළල අඩි 4 ක් උස තනි තිරුවාන ගලකි. තේත්ක මහෝගනී, නැදුන්, බුරුත වැනි වටිනා දැව වර්ග වලින් නෙළන ලද කැටයමින් ගරාදි වැට නිර්මාණය වී ඇත. වහල නිම කර ඇත්තේ සිමෙන්තියෙනි. බැසිලිකාවක තිබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ ඇතුළතින් පෙරහැරක් යා හැකි ලෙස ඇතුළත ස්තෝප්පුව සකස් වී තිබීමයි.

බැසිලිකාවේ ප්‍රධාන අල්තාරයට මුහුණලා ප්‍රධාන සත්ප්‍රසාද මණ්ඩපය තිබෙන ස්ථානයේ වහල බැරල් ආකාරයට ගෝලාකාරය. බැසිලිකා පල්ලියේ අල්තාර 3 ක් ඇත. මුළු දේවස්ථානය වටා පිටත කොටසේ පුරාවිද්‍යා සාධක හා පර්යේෂණ මගින් තහවුරු කර ඇති ශ්‍රී ලාංකික කිතුනු ඉතිහාසය සඳහන් කර ඇති චිත්‍ර මූර්තියෙන් නිරූපණය කෙරේ. බැසිලිකාවේ වහල් නිල් පැහැයෙන් යුක්ත වන්නේ දේවමෑණියන් සංකේතවත් කරන වර්ණය නිල්පාට බැවිනි. ඕනෑම දේවස්ථානයක වඩාත් වැදගත්වූ ස්ථානය වන්නේ දිව්‍යසත්ප්‍රසාදවහන්සේ වැඩ සිටින ස්ථානයයි.

බැසිලිකාවේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තබා ඇති සත්ප්‍රසාද කූඩුව සාදා ඇත්තේ බයිබලයේ පුරාණ ගිවිසුමේ ගිවිසුම් කරඬුවට සමානුරූපිතවය. දෙපස සුරදූතයන් දෙදෙනෙකුගේ අනුරුවකි සත්ප්‍රසාද කුටිය රෝස ලීයෙන් තනා ඇත. ඇතුළු වන ප්‍රධාන දොරටුව උඩරට සාම්ප්‍රදායානුකූල නිර්මාණය කර ඇත්තේ අම්පිටිය දෙව්සත්හලේ තිබූ ශාකයක දැවයෙනි. තිර රෙදි නිපදවනු ලැබුවේ යහපත් එ‍‍ඬේරා නිකායික පැවිදි සොහොයුරියන් විසින් මහා හල්පේ ප්‍රදේශයේදී ය.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩසිටින නිවහනට දෙපසින් ඇත් දළ දෙකකි. සත්ප්‍රසාද මණ්ඩපයට ඉහළින් තිබෙන ඇත්දළ කුරුසිය හලාවත පදවි එඩේරාණන් ව සිටි අතිඋතුම් ප්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ අනුදැනුමින් ජුසේවාස් සමයට අයත් පුත්තලම දෙව් මැදුරකින් ලද ත්‍යාගයකි.

ස්වභාව ධර්මයාගේ සුන්දරත්වය මැනවින් විදහාපාමින් යාච්ඥාවේ සම වැදෙන්නට වන්දනාකරුවනට මනරම් දර්ශනීය තෝතැන්නක් නිර්මාණය කරදීමට උද්භිද විද්‍යාඥයෙකු මෙන් ම පරිසරවේදියකු වූ තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් ගත් බලවත් උත්සාහය බැසිලිකා සිද්ධස්ථානයට පා තබන ඕනෑම අයෙකුට සාක්ෂාත් වේ. බැසිලිකා සිද්ධස්ථානයේ පරිසරය තුළ සියලුම ගස් වවා ඇත්තේ උන්වහන්සේගේ සැලැස්ම මතය. බැසිලිකා භූමිය බුරුත, නැඳුන්, මහෝගනී, තේක්ක, කොස් ආදී මහා ව‍ෘක්ෂයන්ගෙන් ගහනය. කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්හිදී භාවිතා වන කට්ටකුමන්ජල් නිපදවන ශාකයෙන් පැළ 4 ක් ඉන්දියාවෙන් ගෙන්වා සිටුවන ලද අතර අද ඒවා දැවැන්ත වෘක්ෂයන්ය එදා ඉඩම් හිමියා සිටවූ රබර් ගස් මිය ගිය ද කාදිනල් තුමා විසින් බැසිලිකා භූමියේ සිටුවන ලද රබර් පැළ අද සරුවට වැඩී ඇත. ඒ රබර් ගස්වලින් කිරි කපා රබර් ෂීට් නිපදවීම සුළු පරිමාණයෙන් කෙරීගෙන යන්නේ මීසම් ග‍ෘහය පිටුපස ඇති කර්මාන් ශාලාවේ ය.

ලුර්දු ගුහාව පිහිටා ඇත්තේ බැසිලිකාව පහළින් පිහිටි කඳු ගැටයේ ය. ස්වභාවික ගල් පර්වතයක් නිසා ඇතුළත අල්තාරය ගොඩනැඟීමට කළු ගල් කඩා ඉවත් කෙරිණි. ‍ප්‍රංශයේ ලුර්දු මාතාවන් දර්ශනය වූ මසබියෙල් පර්වතයට සමරූපීව ලුර්දු ගුහාව ඉදිකිරීම කාර්දිනල් තුමාගේ බලාපොරොත්තුව විය. එය එලෙසම සිදුවිය. ප්‍රංශයේ ලුර්දු ගුහාවේ ගලක් මෙම ගුහාවේ ඔබ්බවා ඇත. 1955 පෙබරවාරි 11 වැනි දින ලුර්දු දේවමාතාවන්ගේ මංගල්ලය පැවැත්වෙන දින ලුර්දු ගුහාව ආසිරි ගැන්විණි. ඒ එවකට අප අපෝස්තලික තානාපතිව සිටි අති උතුම් රොනල්ඩ් නොක්ස් අගරදගුරු හිමිපාණන් විසිනි.

දේව මෑණියන්ගේ ප්‍රතිමාව 1950 නොවැම්බර් මස 05 වැනි දින 12 වැනි පියුස් පාප් වහන්සේ විසින් රෝමයේදී ආසිරි ගන්වනු ලැබූ අතර ලිස්බන් නුවර කාදිනල් සෙරෙහිරා හිමිපාණන් විසින් එන්.එම්. ඉන්දියා නෞකාවෙන් ඉන්දියාවේ ගෝව පුරයට ගෙන්වන ලදී. ගෝවේ ශු පේඩ්‍රෝ දෙව්මැදුරේදී තෝමස් කුරේ කාර්දිනල් හිමිපාණන්ට භාරදීමෙන් අනතුරුව 1952 දෙසැම්බර් 06 වැනිදා තෝමස් කුරේ කාදිනල් තුමා සහිනා ඊ ඇරබි නෞකාවෙන් ප්‍රතිමාව ගෝව සිට කොළඹට ගෙන එන ලදී.

කොළඹ වරායට නැව සේන්දුවූයේ දෙසැම්බර් 11 වැනිදා ය. ප්‍රතිමාව භාර ගැනීමට රාජ්‍ය නියෝජිතයා ලෙස පැමිණ සිටියේ සර් ජෝන් කොතලාවල මහතා ය. ප්‍රතිමාව කොළඹ කොච්චිකඩේ හරහා කොටහේන ආසන දෙව්මැඳුරට පෙරහැරින් ගෙනෙන ලදුව 1952 දෙසැම්බර් 13 වැනිදා බැසිලිකාවේ තැන්පත් කරන ලදී‍. ඒ වනවිට බැසිලිකාවේ වැඩ කටයුතු නිමා නොවූයෙන් වැඩ නිමවන තෙක් ප්‍රතිමාව මහනුවර අම්පිටියේ ජාතික දෙව්සත් හලේ තැන්පත් කෙරිණි.

බැසිලිකාව වටා සුවිශේෂ වන්දනා ස්ථාන සහ යාඥා ගෘහයන් පිහිටා ඇත.‍ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ට පියතුමන්ලාට, කන්‍යා සොහොයුරියන්ට ඥානකාන්ති පැවැත්වීම සඳහා වෙන්කර ඇත.

විශ්‍රාමික අග රදගුරුතුමන්ලා ගේ නිවස්න පිහිටා ඇත්තේ ද මෙහි ය. විශ්‍රාමික අගරදගුරු අති උතුම් නික්ලස් මාකස් හිමිපාණන් ගේ එම්මාවුස් ගෘහයද, අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ නිවස්නය ද මෙහි ඇත.

රොසේරියන් කන්‍යාරාමය. (ජීවනෝපාය තමා විසින් සොයා ගන්නා කන්‍යා සොහොයුරියෝ) දිළිඳු ක්ලාරා කන්‍යා සොහොයුරියන් ගේ කන්‍යාරාමය (පූප සඳහා ඔස්ති සෑදීම සිදු ‍කරන්නේ ‍ෙම් කන්‍යා සොහොයුරියන්ය) දේවාරක්ෂාවේ කන්‍යාරාමය (රජයේ රෝහල්වල සේවය කළ පැවිදි සොහොයුරියන්) නිර්මල මරිය නිකාය (අධ්‍යාපන කටයුතු සහ ධර්මෝපදේශ කටයුතු සිදු කරන කන්‍යා සොහොයුරියන්) ගේ කන්‍යාරාම පිහිටා ඇත්තේ ද මේ භුමියේ ය. ‘කිතුනු ඉතිහාසය අන්තර්ගත වූ කෞතුකාගාරය, පාපොච්චාරණ මැඳුර සහ ජුබිලි ශාලාව ද බැසිලිකා භූමියට අයත් ය. දෙව්මැඳුරට පැමිණෙන සැදැහැවතුන් සඳහා පෙ.ව. 5.30 - ප.ව. 7.00 දක්වා දේවස්ථානය විවෘතව ඇත. පැරණි දේවස්ථානයෙන් ඇරඹෙන පාදනමස්කාර ස්ථාන 14 ලුර්දු ගුහාව අසලින් නාන තටාකය, කාර්දිනල් කුරේ වැව මැදින් මීසම් ගෘහයට සමීපව බැසිලිකාව ඉදිරිපිටින් ඇති දකුණු දිසාවෙන් කෙළවර වේ.

රාගම බැසිලිකා දේවස්ථානයේ දේව මෙහෙයන් විශේෂයෙන් රෝගීන් සඳහා ම වෙන්වී ඇත. සෑම සෙනසුරාදාවකම දවල් 12.30 ට රෝගීන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් දිව්‍ය පූජාව සහ ආශිර්වාදයක් සිදු කරනු ලැබේ. නන් දෙසින් විශාල ජනකායන් මෙම දේව මෙහෙයට පැමිණ දේවම‍ෑණියන්ගේ ආශිර්වාදයෙන් සුව වී ඇති බවට ඔවුහු සාක්ෂි දරති.

සෑම වසරකම අගෝස්තු මස අවසාන ඉරුදින පවත්වන රෝගීන්ගේ මංගල්‍යයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පුද බිමට පැමිණෙන්නේ දේවාශිර්වාදය ලබාගැනීම සඳහා ය.‍

මෙය අදියර කිහිපයකදී නිම කෙරුණු අතර ඒ භාග්‍යවන්ත දිනය උදාවූයේ 1974 පෙබරවාරි 06 වැනිදා ය. ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ගේ සිහිනය සැබෑ කරමින් මරියෝත්තමාවන්ට ‍වූ බාරය ඉෂ්ට කරමින් දේව ආදරය මැද නිර්මල මරිය මාතාවන් ගේ ආසිර්වාදය ලද ශ්‍රී ලංකා ද්විපයේ ආරක්ෂිකාව ලෙස ලංකාවේ අප ස්වාමි දුව කිරුළු පැලඳ අභිසෙස් ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාදිනල් හිමිපාණන් වන බැසිලිකාවේ නිර්මාතෘ අතිඋතුම් තෝමස් කුරේ කාදිනල් හිමිපාණන්ගේ සුරතිනි. උන්වහන්සේගේ අභිමතය වූයේ දෙවියන්වහන්සේට සමීපතම ජනතාවක් බිහි කරන්නට බැසිලිකාව ස්වර්ගයේ ද්වාරය කිරීමට ය. ඒ අභිමතය ඉෂ්ට සිද්ධ වෙමින් වර්තමානයේ සියලුම සැදැහැවතුන් ශ්‍රී ලංකාවේ ආරක්ෂිකාව සහ රාජේශ්වරිය වන ලංකාවේ අප ස්වාමිදුව වටා රොද බැඳ ගන්නේ මේ ආශ්චර්යවත්වූ මෑණියන්ගෙන් ලද ආශිර්වාදයනට සාක්ෂි ‍දරමිනි.

1903 දී ඉදිකළ කුඩා දේවස්ථානය

තේවත්තේ සිද්ධස්ථානය වර්ෂ 1903 දක්වා ඈතට දිව යන්නකි. එවකට එම ප්‍රදේශයේ විසූ කතෝලික බැතිමතුන් කිහිපදෙනෙකු රාගම මීසම් සේවක ඒ. කීගර් පියතුමා හා එක් වී ලුර්දුවේ මෑණියන්ගේ ප්‍රතිමාවක් එහි ස්ථාපිත කොට රෝගීන් සඳහා දේව මෙහෙයන් පැවැත්වීමට කු‍ඩා යැදුම් කුටියක් ගොඩනඟා ඇත. ටකරන් වහලකින් යුක්ත වූ එය 1917 නොවැම්බර් 11 වැනිදා ලුර්දු ගුහාවක් ලෙස ඉදි කෙරිණි. ඒ කොලොරෙක් පියතුමා විසිනි. රෝගීන් වෙනුවෙන් මෙහෙයන් පැවැත්වීමත් ප්‍රාතිහාර්ය සිදුවීමත් නිසා වන්දනාකරුවෝ ක්‍රමයෙන් මේ යැදුම් කුටියට එක් රොක් වූයේ මසෝන් රදගුරු තුමාද දේව මාතාවන්ට අප රට රැකදෙන ලෙස භාර වූයේ මේ දේවස්ථානයේ පිහිටි ආශ්චර්යවත් දේව මාතා ප්‍රතිමාව ඉදිරිපිටදී ය.

ආශිර්වාද ලත් නොසි‍දෙන ළිඳ

පැරණි දේවස්ථානය අසලම පිහිටා ඇත්තේ දේව මෑණියන්ගේ ආශිර්වාද ලත් නොසි‍ඳෙන දිය උල්පතකින් ලැබෙන ජලයෙන් යුත් ළිඳකි. ළි‍ඳෙන් ස්නානය කිරීමෙන් සුවය ලබාගත් රෝගීන් බොහෝමයකි. මේ ළිඳ තනන ලද්දේ 1917 දිය ළිඳ තැනීමේදී දිය උල්පත සමඟ සම්බවී ඇති දේවමෑණියන්ගේ පිළිරුව තැන්පත් කර ඇත්තේ ළිඳ අබියස තනන ලද ස්මාරකයකය. ස්නානය සඳහා තැනූ කුඩා තටාකවලට ජල පනිට්ටු කිහිපයක් වත්කර රෝගීන් ස්නානය කිරීමෙන් අනතුරුව සුවය ලබාගන්නේ දේව විශ්වාසය තුළ ය. මේ ආශිර්වාද ලත් ජලයෙන් ස්නානය කිරීමේදී සබන් භාවිතය සිදු කරන්නේ නැත.

අති උතුම් මේරි මැසොන් හිමිපාණන් ස්වර්ගස්ථ වීමෙන් පසු එම නිලය බාරගත් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපාණන් එම ප්‍රාර්ථනය ඉෂ්ට වීමෙන් අනතුරුව 1951 වසරේදී මෙම බැසිලිකාවට මුල්ගල තබා 1974 පෙබරවාරි මස 06 වන දින වැඩ කටයුතු නිම කළේය. මැසොන් අගරදගුරු හිමි තමන් මරියතුමියට වූ භාරය පොරොන්දුව ඉටු කිරීම සඳහා මෙම දේව මන්දිරය ලංකාවේ අප ස්වාමිදු යන නාමයෙන් කැපකරන ලදි.

තේවත්ත දෙව් මැදුරට රෝගීන්ගේ දිනයටත් සාමාන්‍ය දිනවලටත් විශාල වශයෙන් බැතිමතුන් එක්රැස් වේ.

බැසිලිකාව ඉදිකිරීමට මුල්ගල තබා ඇත්තේ ශ්‍රී ලංකාව නිදහස ලබා වසර තුනකට පසුව 1951 වසරේ පෙබරවාරි මස හතර වන දින බව සඳහන් වේ. එවකට කොළඹ පළමු සිංහල අගරදගුරු අති උත්තම දේව ධර්මාචාර්ය තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දොළොස්වන සු‍දොතුම් පියතුමා විසින් වතිකානයේදී ආසිරි ගන්වන ලද ශ්‍රී ලංකාවේ ආරක්ෂකාරිනී ලෙස නම් කළ දේවමාතාවන්ගේ ප්‍රතිමාව මෙරට වැඩම කරන ලදී.

මෙම පුදබිම රමණීය කඳු ගැටයක පිහිටා ඇත. පුදබිම රබර් ගස් ඇතුළු විවිධ ගස්වලින් සමන්විත දැකුම්කළු ස්ථානයකි. ඉතා ශාන්ත පරිසරය කාගේත් සිත් සතන්වලට සහනය ලබාදීමට සමත්ය. මෙම සිද්ධස්ථානයට යාබද කඳු ගැටයේ දර්ශනීය ලූර්දු ගුහාව කාගේත් නෙත් සිත් සනසාලීමට හේතුවී තිබේ.

ඥානකාන්ති මන්දිරය, කන්‍යාරාමය, පියවරුන්ගේ නේවාසිකාගාර, වන්දනාකරුවන්ට අවශ්‍ය නිවාස, කතෝලික දහමේ චිත්‍ර හා කලා ආකෘතිවලින් සම්පූර්ණ වී තිබේ. එමෙන්ම මෙම ජාතික බැසිලිකාව වන්දනා ගමන් ආණ්ඩු පනත යටතේ ගැසට් නිවේදනයක් මගින් ජාතික සිද්ධස්ථානයක් ලෙස නම් කර තිබේ.

වාර්ෂිකව පැවැත්වෙන රෝගීන්ගේ දිනයට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සුවය පතා පැමිණෙති. ලංකා අප ස්වාමිදුගේ වරප්‍රසාදයත් පිහිටත් ලබා ගැනීමට කටයුතු කරති. විවිධ සිදුවීම්, ජීවිත බාධක, අරගල වලද මැදිහත්ව දුකින් පෙලෙන ජනතාව පැමිණ ලෙඩ දුක් සුවවීමට භාර හාර වීමෙන් එම ලෙඩ රෝග සුව වන බවට කිතුණු බැතිමතුන් අතර දැඩි විශ්වාසයක් පවතියි.

මෙම දෙව් මැදුර ඉදිකිරීමට පුරෝගාමී වූ ස්වර්ගස්ථ වූ අතිඋතුම් කාදිනල් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ගේ ශ්‍රී දේහය මෙම දෙව් මැදුරේ තැන්පත් කර තිබේ.