කතෝලික මඟ වෙබ් අඩවිය යනු කතෝලික ධර්මය හා ජනවන්දනා ක්‍රම, යාච්ඤා හා ප්‍රර්ථනා, සාන්තුවර නාමාවලිය මුලිකව ප්‍රර්ථනා 100 හා සහා සම්ප්‍රධායන් ගොනුකරමින් අන්තර්ජාලය ඔස්සේ කියවීමට ඇසීමට හා නැරබීමට හැකි වෙබ් අඩවියකි
කතෝලික ධර්මය හා ජනවන්දනා ක්‍රම යාච්ඤා හා ප්‍රර්ථනා...Last Update: 2023/07/24 ගරු ලක්ප්‍රිය නෝනිස් පියතුමා බහු ආගමික පරිසරයක වෙසෙන අප කතෝලික ජනයාට ධර්මෝපදේශය අතිශයින් වැදගත් වන්නේ එය හුදෙක් පත පොතට පමණක් සීමා නොවන්නේ නම් පමණකි. පොත පතින් ධර්මෝ පදේශය ඉගෙන ගන්නා කිතුනුවා සිය ඇදහිල්ල ශක්තිමත් කර ගනිමින් ඇදහිල්ල ඔස්සේ සමාජය තුළ සාක්ෂි දරන්නටත්, ඒ මගිින් නව ජිවනයක් අත් දකින්නටත් යොමුවිය යුතුය. මීට පනස් වසරකට පෙර දෙවන වතිකාන කතිකාවේදී අති උත්තම විසිතුන්වන ජුවාම් ශුද්ධෝත්තම පියතුමා මෙසේ පැවසීය. ‘කතෝලික සභාවට අයත් වේද නිධානය මගින් මිනිසුන් අතීතය වෙත ගෙන යෑමට වඩා වැදගත් වන්නේ එකී වේද නිධානය නිවැරැුදිව හදාරා නූතන යුගයට සරිලන අන්දමින් ප්‍රකාශ කිරිමය, එ් අනුව දේව වචනය පදනම් කරගෙන ධර්මෝපදේශය මගින් බාලයන්ට, තරුණ තරු◊යන්ට මෙන්ම ඇතැම් විට වැඩිහිටියන්ට පවා ඇදහිල්ලේ හා විශ්වාසයේ සවිමත් දිවි පැවැත්මකට ක්රමානුකූල හා සාමුහික අත්වැලක් ලබාදිය යුතු බව නොරහසකි |
||
---|---|---|
ගරු ලලිත් තිසේරා පියතුමාකතෝලික සභාව විසින් පිළිගත් මෙන්ම සභාව මගින් නිල වශයෙන් ස්ථාපිත කරන ලද ජනවන්දනාව අද ඊයේ බිහිවූවාක් නොව දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන දෙයකි. එසේම කතෝලික ජනවන්දනාවේ පොදු ලක්ෂණ හැම සංස්කෘතියක්ම අභිබවා යන්නකි. ඒ අනුව මෙම කතෝලික ජනවන්දනා සංස්කෘතිය ලොව පුරා විහිදී ඇති දෙයකි. |
||
---|---|---|