කතෝලික මඟ වෙබ් අඩවිය යනු කතෝලික ධර්මය හා ජනවන්දනා ක‍්‍රම, යාච්ඤා හා ප‍්‍රර්ථනා, සාන්තුවර නාමාවලිය මුලිකව ප‍්‍රර්ථනා 100 හා සහා සම්ප‍්‍රධායන් ගොනුකරමින් අන්තර්ජාලය ඔස්සේ කියවීමට ඇසීමට හා නැරබීමට හැකි වෙබ් අඩවියකි





Jude the Apostle
ජූඩ් අපොස්තුළු තුමා


ශුද්ධවූ ජූඩ් මුණිතුමන් යනු අනපේක්ෂිත අවස්ථාවලදී බලාපොරොත්තුවේ සහ කළ නොහැකි හේතූන්ගේ අනුශාසක සාන්තුවරයා වන අතර ජේසුතුමන්ගේ මුල් අපොස්තුළුවරුන් දොළොස් දෙනාගෙන් කෙනෙකි.

මෙතුමා බොහෝ විට ඉතා දුෂ්කර තත්වයන් තුළ මහත් ආශාවකින් ශුභාරංචිය දේශනා කළේය. ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින්, මෙතුමා මිනිසුන්ට දෙවියන් වහන්සේගේ වචනය දෙශනාකරන විට ඔවුන්ගේ ජීවිතවල ගැඹුරු වෙනස්කම් ඇති කළේය,

ශුභාරංචිය අපට පවසන්නේ ශාන්ත ජූඩ් තුමා අපෝස්තුළුවරුන්ගෙන් කෙනෙකු වූ ශාන්ත ජේම්ස් ද අල්ගේ සහෝදරයෙකු වූ බවයි, මතෙව්තුමාගේ ශුභාරංචියේ විස්තර කර ඇත්තේ ජේසුතුමන්ගේ සහෝදරයන් කෙනෙක් ලෙසය සමහරවිට ඥාති සහෝදරයන්ය ශාන්ත ජූඩ් තුමා සාම්ප්‍රදායිකව නිරූපණය කර ඇත්තේ ජේසුස් වහන්සේගේ රූපය අතේ රැගෙන ය.

ශුද්ධ ජූඩ් තදේවුස් මුනිතුමාගෙ පළමු නම ජුදස් වුවත්,පසුව පාවාදුන් දුන් ජූදස් ගෙන් වෙන්ව හඳුනා ගැනීම සඳහා ජූඩ් යනුවෙන් සඳහන් වේ. සුවිශේෂක ලූක් තුමා එතුමාව ජාකොබ්ගේ පුත්‍ර ජුදාස් ලෙස හඳුන්වයි.

දෙවියන් වහන්සේගේ වචනය දෙශනාකරන අතරතුර එතුමන් කළ ආශ්චර්යයන්ගෙන් අතරින් එකක්වන එඩෙස්සාහි අබ්ගාර් රජු ලාදුරු රෝගෙයන් සුව කරන ලෙස ජේසුතුමන්ගෙන් ඉල්ලා සිටි අතර ඔහුට ජේසුතුමන්ගේ චිත්‍රයක් ගෙන ඒමට චිත්‍ර ශිල්පියෙකු යැවීය. අබ්ගර්ගේ ශ්‍රේෂ්ඨ ඇදහිල්ල ගැන පැහැදුණු ජේසුස් වහන්සේ ඔහුගේ මුහුණ රෙද්දක් මත තද කර ඔහුගේ මුහුණේ රූපය ඒ මත තැබුවා. ඔහු එම රෙද්ද ශාන්ත ජූඩ්ට දුන් අතරල ඔහු රූපය අබ්ගර් වෙත ගෙන ගොස් ඔහුව සුව කළේය.

ජේසුස් වහන්සේගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසු, ශුද්ධවූ ජූඩ් තුමන් මැද පෙරදිග, එනම් ජුදා, සමාරිය, ඉඩුමියා, සිරියාව, මෙසපොතේමියාව, ලිබියාව, බීරූට් සහ එඩෙස්සා යන රටවල ශුභාරංචිය දේශනා කළ බවයි. ශාන්ත සයිමන් තුමන් සමඟ දේශනා කර මුල් පල්ලියේ අත්තිවාරම් ගොඩනඟන ලදි. ශාන්ත ජූඩ් තුමන් නොසැලෙන ඇදහිල්ල නිසා දිවි පිදූවෙකු ලෙස මිය ගියේය. පසුව එතුමන්ගේ දේහය රෝමයට ගෙනවිත් ශාන්ත පීතර බැසිලිකාව යට පිහිටි ගුහාවක තැන්පත් කරන ලදී.

ජූඩ් අපෝස්තුළු තුමාගේ ප්‍රතිමා, පින්තූර වල ජේසුගේ පදක්කම පැළඳ සිටින බවද දැක්වෙයි.මෙය ජන කතා හා බැඳී පවතින්නක් බව පෙනේ.

ශුද්ධවූ ජූඩ් තුමා සිමියොන් අපෝස්තුලු තුමා සමග පර්සියාව ට ගොස් ධර්ම දේශනා කිරීමේ දී ප්‍රාණ පරිත්‍යාගී වී ඇත. ⁣ඓතිහාසික කතා අනුව ජූඩ් අපෝස්තුළුතුමා ව කණ්ඩායමක් විසින් තළා මරණයට පත් කළ බව කියැවේ.

ශුද්ධවූ ජූඩ් මුණිතුමන්ගේ උපලක්ෂණය වන්නේ පිත්තය. ඔහුගේ හිසෙහි ගිනිදැල්ලක් ‍ස්වරැපයට ද බොහෝ විට දැකගත හැක. මෙය පෙන්තකොස්ත සමයේදි ශුද්ධෝත්මයාණන් දානය කිරිමත් සමග සැබවින්ම නියෝජනය කරනු ලැ‍ෙඉබ්. හිසේ ගිනිදැල්ලක් යන ස්වරැපයෙන් පෙනි සිටිමට හේතු වන්නේ එහු දරණු අවස්ථාවල ආරක්ෂක මුනිවරයා විමත් බලාපොරොත්තු රහිත සිටින අයට හාස්කම් පැවැත්විමත්ය. ඔහු මෙලෙස පෙන්වනුයේ ශාන්ත ජුඩ් හාස්කම් සිදු කරන ආකාරයේ ශුද්ධාත්මය ද ඒවා සිදු කරන නිසාය. ඇතැම් විට එහු පොරව අල්ලා සිටිම යන ආකාරයකට නියෝජනය වන්නේය. (එනම් ඔහුව මරණයට පත් වුනේද මෙනැවැනි ආයුධයකින් නිසාය) තවද සන්නස් පත්‍රය සමග ද හෝ පෙතක් සමග ද හෝ වඩුවාගේ අධිකොුද්ව සමග ද ඔහුව දැක ගත හැක.ක්‍රි.ව 65 දී පමණ එතුමන්එව දරුනුලෙස පහරදී මරා දමනු ලැබූ බව කියැවෙ එතුමාගෙ මරණයෙන්ටික කලකට පසු බෙරූට් සිට රොමයට ගෙන එන ලද එතුමන්ගෙ ශු.සිරුර වතිකානුවෙ ශාන්ත පීතර බැසිලිකාවෙ වම් පස ප්‍රධාන අල්තාරය තුල තැම්පත් කොට ඇත.

ජේසුස් වහන්සේගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසු ශුද්ධවූ ජූඩ් මුණිතුමන්ගේ ජීවිතය ගැන දන්නේ අල්ප වශයෙනි, නමුත් පල්ලියේ පුරාණ සම්ප්‍රදාය නම් ඔහු මැද පෙරදිග, එනම් ජුදා, සමාරිය, ඉඩුමියා, සිරියාව, මෙසපොතේමියාව, ලිබියාව, බීරූට් සහ එඩෙස්සා යන රටවල ශුභාරංචිය දේශනා කළ බවයි.

මංග්‍යය ඔක්තෝබ්ර් 28

මෙය ඉංග‍්‍රීසි යාච්ඤාවෙ සරල අදහස් පරිවර්තනයක් පමණි

අති ශුද්ධවූ ජුඞ් තද්දෙයුස් අපොස්තුළු තුමනි, මහිමෝත්තම ප‍්‍රාණ පරිත්‍යාගිකයාණෙනි, ගුණධර්මයෙන් හා ප‍්‍රාතිහාර්ය බලයෙන් පොහොසත් මහිමෝත්තම ප‍්‍රාණ පරිත්‍යාගිකයාණෙනි, ජේසුස් ක්‍රිස්තුස් තුමන්ගේ ඥාතිවරයාණෙනි, අවශ්‍ය අවස්ථාවලදී ඔබේ විශේෂ උපකාරය ඉල්ලා සිටින සියල්ලන්ගේ විශ්වාසවන්ත මධ්‍යස්ථකයාණනි, මගේ හදවතේ ගැඹුරින් ඔබ වෙත යාච්ඤා කරමි. මහත් දිමනා දෙවියන් වහන්සේගෙන් ලත් ඔබවහන්සේ ඔබගේ බලවත් මැදහත් කමින් අපගේ සහයට වැඩිය මැනව.
අපගේ අයදිම සඳහා අපට සහය දුනමැනව . ඔබගේ මැදහත් කමට සාක්ෂි දිමට මම පොරොන්දු වෙමි.

ඔබට ආයාචනා කරන අය උදේසා, ශුද්ධවූ ජූඩ් මුණිතුමනි අප නිසා යාච්ඤා කළ මැනව.
ඔබගේ ආධාර ඉල්ලා සිටින අය උදේසා, ශුද්ධවූ ජූඩ් මුණිතුමනි අප නිසා යාච්ඤා කළ මැනව.
ආමෙන්.

මෙය ඉංග‍්‍රීසි යාච්ඤාවෙ සරල අදහස් පරිවර්තනයක් පමණි

බලාපොරොත්තු හීනව ගිය කල්හී ශුද්ධවූ ජඞ් තද්දේයුස් අපෝස්තුලූ තුමන්ට යාච්ඤාව
අති ශුද්ධ අපෝස්තුලූවරාය වූ ශුද්ධවූ ජුඞ් තද්දෙයුස් තුමනි, ජ්සුතුමන්ගේ ඥාතිවරයාණෙනි, ගුණධර්මයෙන් හා ප‍්‍රාතිහාර්ය බලයෙන් සුප‍්‍රකට මහිමෝත්තම ප‍්‍රාණ පරිත්‍යාගිකයාණෙනි, ඔබට ගෞරව කරන්නාවූ සියල්ලන්ට නොවරදවා නොපමාව, සහය දෙන මධ්‍යස්ථකයාණනි, ඔබවහන්සේ අපට බලගතු ආරක්ෂකයෙක් ද විපත්තිවල දී සහය කාරයෙක් ද වන සේක. බලාපොරොත්තු අත්හැර දැමූවන්ට ප‍්‍රත්‍යක්ෂ ලෙසම සහය විමේ දිමනාව දෙවියන් වහන්සේ ගෙන් ලබාගත් ඔබ ඔබගේ බලවත් මැදහත් කමින් මාගේ සහයට වැඩිය මැනව. මා දෙස ඔබගේ නෙත් යොමු කළ මැනව. මාගේ ජීවිතය දුක් වේදනා වලින් පිරුණ ජිවිතයකි. මගේ දසාව විපත්තියේ දසාවකි. මගේ හෘදය ශෝකයෙන් පීඩිතව මගේ මාර්ගය කටු ගොකටුවලින් පිරි ඇත්තේය. මගේ දැසින් කඳුලූ නො වැගිරෙන්නාවුත් මාගේ හෘදය සුසුම් නො ලන්නා වූත් මොහොතක් නැත්තේය. ඒ අතරම මගේ අත්මය අන්ධකාරයෙන් පිරි, සිත් ශෝකයත්, අධෛර්යයත් අවිශ්වාසයත් ඇතැම්විට බලාපොරොත්තු ශුන්‍යතාවයක් මගේ ආත්මයට පීඩා කරන්නේය. දේවාරක්ෂාව නැතිවී ගියාක් මෙන් මගේ හෘදයෙන් විශ්වාසය පැකිලී යන්නේය. අඳුරු වු වලා පටල යකින් මා වැසි ගියාක්මෙන්ද මට පෙනේ. මේ දුෂ්කර අවස්ථාවේහිදී මා අත්හැර දැමීමට ඔබට නො පිළිවන. මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙනතුරු මම ඔබ කෙරෙන් ඉවත්ව නොයමි. මට සාහයවීමට ප‍්‍රමාද නොකළ මැනව. මගේ ජීවිතය මුඵල්ලේම මම ඔබට ස්තුති කරමි. මගේ විශේෂආරක්ෂකයා මෙන් ඔබට ගෞරවකරමි. ඔබට දානය කරන ලද සකල වරප‍්‍රසාද යන් ගැන දෙවියන් වහන්සේට ස්තූති කරමි. ඒ අතර මගේ මු`ඵ ශක්තියෙන් ඔබගේ ගෞරවය සලසාලීමටද උත්සාහ කරමි.
ආමෙන්

ඉදිගොල්ල දෙවස්ථානය

Idigolla Church

කතෝලික සභාව සතු සිද්ධස්ථාන අතර සියනෑ පුරවරයට ආලෝකයක් බදු ගම්පහා ඉදිගොල්ලේ පිහිටි සාන්ත ජුඞ් ජාතික සිද්ධස්ථානය ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වු සාන්තුවරයෙකු වන සාන්ත ජුඞ් මුනිදුන් වෙනුවෙන් කැප කළ මෙරට පළමු දෙව්මැදුරයි. ගම්පහ ඉදිගොල්ල නම් ග‍්‍රාමයේ පොල්රුප්පාවකින් හා හරිත පැහැගත් වෘක්ෂ ලතාවන්ගෙත් යුතු මනස්කාන්ත හා නිසංසල පරිසරයක පිහිටි සාන්ත ජූඞ් සිද්ධස්ථානය කිතුණු බැතිමතුන්ගේ පමණක් නොව අන්‍යාගමිකයන්ගේ පවා බහුමානයට පාත‍්‍ර ඇති පුදබිමකි. එමෙන්ම මහත් අනුහස් ඇති ශාන්ත ජූඞ් පුදබිමේ ඉතිහාසය දසකකිහිපයක් කරා දිවයන්නෙකි. වසර 1992 දී මනස්කාන්ත නවදෙව්මැදුරක් ඉදි විය. තවද ආරම්භක දෙව්මැඳුර පිටුපසින් ඉදිවූ නව දේවස්ථානය දැකගත හැක.

වැලිසර දෙවස්ථානය

හල්කදවිල දෙවස්ථානය