කතෝලික මඟ වෙබ් අඩවිය යනු කතෝලික ධර්මය හා ජනවන්දනා ක‍්‍රම, යාච්ඤා හා ප‍්‍රර්ථනා, සාන්තුවර නාමාවලිය මුලිකව ප‍්‍රර්ථනා 100 හා සහා සම්ප‍්‍රධායන් ගොනුකරමින් අන්තර්ජාලය ඔස්සේ කියවීමට ඇසීමට හා නැරබීමට හැකි වෙබ් අඩවියකි



Madhu Church - Mannar
මඩු සිද්ධස්ථාන

Last Update: 2023/07/24

මඩු සිද්ධස්ථානයේ පවත්වන ජුලි 02 දින මංගල්‍යය, අගෝස්තු 15 වැනිදා මංගල්‍යය එදා සිට අද දක්වා වසරක් වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත දේවජනතාවක් සමග පැවත්වනු ලබයි.

ආගමික භේද පංති භේද කිසිත් නොසලකමිනි. එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී පවතියි. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමිනි. ඈත අතීතයේ දී පයින්, ගොන් කරත්තයෙන් ආ ගමනට පසුව දුම්රියේ, බස්රියේ පිහිට පතන්නට සිදුවූයේ ගමනාගමනයේ දියුණුවත් සමඟය.

දුම්රියෙන් මඩු වන්දනාවට එන බැතිමතුන් එන්නේ තලෙයිමන්නාරම දුම්රියේය. එකළ කොළඹ කොටුවෙන් රාත්‍රි 8 ට පිටත්වන තලෙයිමන්නාරම් දුම්රිය මඩු වන්දනාකරුවන් ගෙන් පිරී පවතින්නේ අගෝස්තු මාසයේදී ය. බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මාතර ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව අනුරාධපුරයේදී තලෙයිමන්නාරම් දුම්රියට ගොඩවී මැදවච්චියෙන් හැරී මන්නාරම් දුම්රිය මාර්ගයේ ගොස් මඩු දුම්රිය පලෙන් බැස එතැන් සිට ලංගම බස්රියවලින් මඩු දේවස්ථානයට යති.

මඩු වන්දනාව ඇරබීමට පෙර ජනතාව ඉටුකරන්නාවූ සිරිත් විරිත් බොහෝමයක් වේ. ඒ අතුරින් පළමු වැන්න ලෙස තම තමන්ගේ දේවස්ථානය වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා , අසල්වැසියන් සියලු දෙනා සමග සුහද ශීලි ව හා මිත්‍රශිලිව අමනාපකම් මග හැර දමා හොදහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට සරිලන ලෙස පේවෙති. මෙහිදී වැඩිහිටියන් තම දුවාදරුවන්ට ආසිරි පතා ලබා දෙන උපදෙස් අතර කටවරද්ද නොගන්නා ලෙසද ඔවුනට උපදෙස් දෙයි.

මඩු වන්දනා යෙදෙන සියල්ලන්ගේ ප්‍රබල යැදුම ආයුධය ජපමාලය යැයි පැවසුවහොත් එය නිවැරදිය. පැරැන්නෝ මේ වන්දනාගමන පුරාවටම ජපමාලයෙන් සන්නාද්ධ වුවෝය. පුරාණ ගිවිසුම තුල දේවජනතාව දේවාදරයේ පහස ලබන්නට ජෙරුසලම වෙත වන්දනාවේ පැමිණි විලසින් මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට තුළින් දෙවිදාණන්ගේ සංරක්ෂණය සොයමින්ද ලබමින්ද මේ වන්දනාව සමන්විත වුණි. මෙහිදී එදා ඉශ්‍රායෙල් ජනතාව ජෙරුසලම් දේවමාලිගය වෙත පැමිණිම තුළින් වන්දනා ගමනේ පුර්ණත්වය ප්‍රකාශවූ පරිද්දෙන් මඩු වන්දනා ගමන තුල වන්දනාකරුවන්ට වන්දනාගමනේ පුර්ණත්වය විදහාපෑවේ, සිද්ධස්ථානය තුළ ස්ථාපිත මඩු හි අප ස්වාමීදුගේ අසිරිමත් පිළිරුව හමුවේ මවක් ඉදිරියේ දරුවන් හැගුමින් පිරි යැදුමන් පුදකිරීම තුළිනි.



Madhu Shrine August Feast 2023



Talawila Church
තලවිල සාන්ත ආනා දේවස්ථානය

Last Update: 2023/07/24

සාන්ත ආනා මුනිවරියට කැපකරනලද තලවිල සාන්ත ආනා දෙව්මැදුර ඉපැරනි ඉතිහසයක් ඇති සිද්ධස්ථානයකි. මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ ඉතිහාසය 17 වැනි සියවසේ අග භාගය දක්වා දිවයන අතර 1739 වසරේ දී වත්මන් දෙව්මැදුර පවතින ස්ථානයේ පොල් අතු සෙවිලි කළ දේවස්ථානයක් ඉදිකර ඇති අතර පසුව එය ක්‍රමයෙන් සුවිසල් දේවස්ථානයක් බවට පත්වී ඇති බව සදහන් වේ. වර්තමාන දෙව්මැදුර 1837 දී පමණ ඉදිකර ඇතැයි සැලකෙන අතර වසරකට දෙවරක් සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ පැවැත්වෙන ප්‍රධානතම මංගල්‍ය දෙකක් වේ. එනම්, සෑම වසරකම මාර්තු මස දෙවැනි ඉරුදින පවත්වනු ලබන ඔරු මංගල්‍යයත් සෑම වසරකම අගෝස්තු මස පළමු ඉරුදින පවත්වනු ලබන ප්‍රධාන මංගල්‍යයත්ය. මේ මංගල්‍ය සැමරීම සඳහා දිවයිනේ සහර දිග්භාගයේ සිට බැතිමත්හු සාන්ත ආනා පුදබිම කරා පැමිණෙති. අගෝස්තු මස පවත්වන කූඩාරම් මංගල්‍යය, කරත්ත මංගල්‍යය ලෙස හඳුන්වන ප්‍රධාන මංගල්‍යය සඳහා පමණක් බැතිමතුන් ලක්ෂ පහළොවකට අධික පිරිසක් සහභාගි වන බව වාර්තා වේ. තලවිල සාන්ත ආනා දේවස්ථානය අතීතයේ සිටම එම ප්‍රදේශයේ ජනතාවගේ අභිප්‍රායන් බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වූ සිද්ධස්ථානයක් ලෙස ප්‍රකට ය. ඇතැම් භක්තිකයන් තම බවබෝග ආරක්ෂා කර ගැනීමටත්, දරු සම්පත් ලබා ගැනීමටත්, පවුල් ජීවිත සුරක්ෂා කර ගැනීමටත්, දරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නොයෙක් කාරණා යහපත් කර ගැනීමට, අවැසි බල සම්පත්තිය උදාකර දෙන මෙන් යාච්ඤා කරති. දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමත්හු අක්කර විස්සකට ආසන්න භූමියේ කූඩාරම් බැඳ පල්ලියේ මංගල්‍යයට සහභාගී වෙති.



Matara Church
මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානය

Last Update: 2023/07/24

මාතර වෙරළ උද්‍යානය ඉදිරිපසින් පිහිටි ශාන්ත මේරි දේවස්ථානයේ කිතුණුවන් “මාතර මෑණියන්” ලෙස හඳුන්වන ප්‍රතිමාව තැන්පත් කර තිබෙනවා. වසර 500 කටත් වඩා ඉතිහාසයක්‌ තිබෙන බව කියන මෙම ප්‍රතිමාවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලාබාල අවධියේදී මරියතුමිය විසින් වඩාගෙන සිටින ආකාරය පිළිබිඹු කෙරෙනවා. මෙම ප්‍රතිමාව ආශ්චර්යවත් එකක්‌ ලෙසයි කිතුනු බැතිමතුන් සලකෙන්නේ. ඒ කිහිප විටක්‌ම මුහුදු බත් වෙලා නැවත නැවත හමුවෙලා තියෙන නිසයි.

1912 නොවැම්බර් 12 මේම ප්‍රතිමාව වත්මන් දේවස්‌ථානයේ තැන්පත්කර ඇත. 2004 දෙසැම්බර් සුනාමියට මේ දේවස්‌ථානයත් හසුවෙලා නැවතත් ප්‍රතිමාව මුහුදට ගසාගෙන ගියත් දින තුනකින් පුද්ගලයකුට හමුවීම තවත් පුදුමයක්. සෑම වර්ෂයකම සැප්. 8 දා මෙහි වාර්ෂික මංගල්‍යය පවත්වනවා.

දකුණුපුර ජනතාවගේ මෙන්ම බොහොමයක් ජනතාවගේ ඉමහත් ගෞරව ආදරයට පාත්‍ර වුණ මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයයි



Our Lady of Lanka Basilica in Tewatte
ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව තේවත්ත

Last Update: 2023/07/24

තේවත්තේ සිද්ධස්ථානය වර්ෂ 1903 දක්වා ඈතට දිව යන්නකි. එවකට එම ප්‍රදේශයේ විසූ කතෝලික බැතිමතුන් කිහිපදෙනෙකු රාගම මීසම් සේවක ඒ. කීගර් පියතුමා හා එක් වී ලුර්දුවේ මෑණියන්ගේ ප්‍රතිමාවක් එහි ස්ථාපිත කොට රෝගීන් සඳහා දේව මෙහෙයන් පැවැත්වීමට කු‍ඩා යැදුම් කුටියක් ගොඩනඟා ඇත. ටකරන් වහලකින් යුක්ත වූ එය 1917 නොවැම්බර් 11 වැනිදා ලුර්දු ගුහාවක් ලෙස ඉදි කෙරිණි. ඒ කොලොරෙක් පියතුමා විසිනි. රෝගීන් වෙනුවෙන් මෙහෙයන් පැවැත්වීමත් ප්‍රාතිහාර්ය සිදුවීමත් නිසා වන්දනාකරුවෝ ක්‍රමයෙන් මේ යැදුම් කුටියට එක් රොක් වූයේ මසෝන් රදගුරු තුමාද දේව මාතාවන්ට අප රට රැකදෙන ලෙස භාර වූයේ මේ දේවස්ථානයේ පිහිටි ආශ්චර්යවත් දේව මාතා ප්‍රතිමාව ඉදිරිපිටදී ය.

ආශිර්වාද ලත් නොසි‍දෙන ළිඳ

පැරණි දේවස්ථානය අසලම පිහිටා ඇත්තේ දේව මෑණියන්ගේ ආශිර්වාද ලත් නොසි‍ඳෙන දිය උල්පතකින් ලැබෙන ජලයෙන් යුත් ළිඳකි. ළි‍ඳෙන් ස්නානය කිරීමෙන් සුවය ලබාගත් රෝගීන් බොහෝමයකි. මේ ළිඳ තනන ලද්දේ 1917 දිය ළිඳ තැනීමේදී දිය උල්පත සමඟ සම්බවී ඇති දේවමෑණියන්ගේ පිළිරුව තැන්පත් කර ඇත්තේ ළිඳ අබියස තනන ලද ස්මාරකයකය. ස්නානය සඳහා තැනූ කුඩා තටාකවලට ජල පනිට්ටු කිහිපයක් වත්කර රෝගීන් ස්නානය කිරීමෙන් අනතුරුව සුවය ලබාගන්නේ දේව විශ්වාසය තුළ ය. මේ ආශිර්වාද ලත් ජලයෙන් ස්නානය කිරීමේදී සබන් භාවිතය සිදු කරන්නේ නැත.

අති උතුම් මේරි මැසොන් හිමිපාණන් ස්වර්ගස්ථ වීමෙන් පසු එම නිලය බාරගත් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපාණන් එම ප්‍රාර්ථනය ඉෂ්ට වීමෙන් අනතුරුව 1951 වසරේදී මෙම බැසිලිකාවට මුල්ගල තබා 1974 පෙබරවාරි මස 06 වන දින වැඩ කටයුතු නිම කළේය. මැසොන් අගරදගුරු හිමි තමන් මරියතුමියට වූ භාරය පොරොන්දුව ඉටු කිරීම සඳහා මෙම දේව මන්දිරය ලංකාවේ අප ස්වාමිදු යන නාමයෙන් කැපකරන ලදි.

තේවත්ත දෙව් මැදුරට රෝගීන්ගේ දිනයටත් සාමාන්‍ය දිනවලටත් විශාල වශයෙන් බැතිමතුන් එක්රැස් වේ.



Pallekandal Church - Wilpattu
පල්ලකණ්ඩල් සිද්ධස්ථානය

පල්ලකන්ඩල් ශුද්ධවූ අන්තෝනි මුනි`දුන්ගේ ජාතික සිද්ධස්ථානය, වනාතවිල්ලූව මීසම

Last Update: 2023/07/24



Uchimunai Church - Kalpitiya
උච්චමුනි දෙවස්ථානය

වේලංකන්නි දේවමාතාවන්ට කැපකළ උච්චමුනි දෙවස්ථානය කල්පිටිය

Last Update: 2023/07/24

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කල්පිටිය නගරයේ සිට කිලෝමීටර් 12 ක පමන දුරින් පිහිටි කුඩා දූපත් 14කින් සමන්විත කල්පිටිය උතුරු කෙළවරේ පිහිටි උච්චමුනි ග‍්‍රමයේ වේලංකන්නි දේව මාතාවන්ට කැපකල දේවස්ථානය දැකගත හැක. දිගු වැලි මාර්ගය හරහා හෝ කලපුව හරහා බෝට්ටු සවාරියක් හරහා ප්‍රවේශ විය හැකි අතර උචිමුනේ පල්ලිය හා ධීවර ගම්මානයට ඉතා දිගු ඉතිහසයක් අති අතර සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පල්ලියේ මංගල්‍ය පැවැත්වේ.